The Story about photographer Hashan Pannila

Views
බුකියේ වැඩියෙන් කතා බහට ලක්වූ ඡායාරූප ශිල්පියාගේ කතාව


හෂාන් පන්නිල... පසුගිය දින කිහිපයේම බුකිය පුරා වැඩි වශයෙන් කතා වුණු ඡායාරූප ශිල්පියෙක්. ඒ අන් කුමන හේතුවක් නිසාවත් නෙවෙයි, ඔහු රූ ගත කරන ලද ඡායාරූප එකතූන් කිහිපයක් නිසා. සිරසගොසිප් අපි අද සම්බන්ධ කර ගත්තා මේ අපූර්ව ඡායාරූප ශිල්පියා සමග කතාබහකට. මේ හෂාන් සමග කළ සාකච්ඡාව ඇසුරෙන් කරන ලද ලිපියකි. 

හෂාන්... මොකද මේ දවස්වල වැඩියෙන් ඔයා ගැන සමාජ ජාල වෙබ් අඩවි තුළින් කතාබහක් ඇති වෙලා තියෙන්නේ.
ම්ම්ම්ම්... දන්නේ නැත්ද ඉතින්... වැඩක් කළාම ඒක දරාගන්න බැරි මිනිස්සු මඩ ගහන එකනේ කරන්නේ. ඉතින් මම පසුගිය කාලයේ සාමාන්‍ය ඡායාරූපකරණයෙන් ඔබ්බට ගිහින් අදාළ නිරූපිකාවන්ට රිසි ආකාරයෙන් ඡායාරූප එකතුන් කිහිපයක් කළා. ඒවා ගැන තමයි ඉතින් මේ දවස්වල කතා වෙන්නේ. 

සමාජ ජාල තුළ ඔබට චෝදනාවක් එල්ල වනවා ඔබ එවැනි ඡායාරූප එකතූන් කරන්නේ ඔබගේ තනි කැමැත්තට කියලා. 
ඕකට ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මොකද මම ඡායාරූප ශිල්පියා වුණාට අදාළ නිරූපිකාවගේ කැමැත්තක් හෝ අභිමතයක් නැත්නම් මට එවැනි ඡායාරූප ගන්න බැහැනේ. අනික මට එහෙම කිසිම වුවමනාවක් නැහැ එහෙම ෆොටෝ ගන්න. අනිත් මා සමග ඡායාරූප ලබාගැනීමට පැමිණෙන නිරූපිකාවන් පැමිණෙන්නේ ඔවුන්ගේ මව පියා හෝ පවුලේ සහෝදරයෙක් හෝ සහෝදරියක් සමගින්. තනියම එන අවස්ථා ගොඩක් අඩුයි. 

බොහෝ දෙනෙක් කියනවා හෂාන් පන්නිල ලිංගික අල්ලස් ඉල්ලනවා කියලා. 
අමූලික බොරුවක්. ඒ චෝදනාව මම තරයේම ප්‍රතික්ෂේප කරනවා. 

හරි ඉතින් අපි දැන් ඔයා ගැන ටිකක් කතා කරමුකෝ...  ඡායාරූපකරණයට යොමු වෙලා කෙතරම් කාලයක් වෙනවද?
දැන් අවුරුදු 11ක් විතර වෙනවා. මුලින්ම මම ෆොටෝස් ගන්න පටන් ගත්තේ මගේ ජංගම දුරකථනයෙන්. මොකද මුල් කාලේ මට කැමරාවක් තිබුණේ නැහැ. එහෙම කාලයක් ගිහින් මටම කියලා මුල්ම කැමරාවක් මං මිලදි ගත්තා. මගේ මුල්ම කැමරාව Canon Kiss X5 කියන වර්ගයේ එකක්. 

ඇයි ඔබ මේ වගේ ක්ෂේත්‍රයකට යොමු වුණේ.
පොඩි කාලේ ඉඳලම ආසාවක් තිබුණා හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න. ඒක නිසා තමයි මම මේ ක්ෂේත්‍රයට පිවිසුණේ. 

ඔබ ඡායාරූප ශිල්පියෙක් ලෙස හැදෑරීමක් කරලා තියෙනවද? 
ඔව්... මූලික හැදෑරීම් කටයුතු කරලා තියෙනවා. ක්ෂේත්‍රය ගැන දැනටත් මම ටික ටික අධ්‍යන කටයුතු කරගෙන යනවා. මොකද මේ ෆීල්ඩ් එක එන්න එන්නම අලුත් අලුත් දේවල් එකතු වෙනවා. ඒ අලුත් අලුත් දේවල්වලින් අලුත් දෙයක් කරන්න තමයි මම හැම වෙලාවේ උත්සාහ කරන්නේ. 
ඒ වගේම මේ දිනවල ටිකක් කාර්ය බහුල වෙලා තියෙනවා ඡායාරූපකරණයත් සමග. මොකද මම මේ දිනවල මොඩර්න් ෆොටෝග්‍රැෆි ගැන අධ්‍යනයක් කරනවා. 

ක්ෂේත්‍රයේ ඔබ හඳුන්වන්නේ කොහොමද? 
ගොඩක් දෙන්නෙක් දන්නේ හෂාන් පන්නිල ෆොටෝග්‍රැෆි කිව්වම. ඒ විදිහට තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ.  

ඔබ වැඩිවශයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ ඡායාරූපකරණයේ මොන මොන අංශයන්වලටද?
වැඩියෙන්ම ඉතින් මොඩලින් ෆොටෝග්‍රැෆි තමයි කරන්නේ. මොකද මගෙත් එක්ක මොඩලින් කරන අය ගොඩක්  ඉන්නවා. ඊට අමතරව ගුවන් යානා ඡායාරූපකරණයත් විනෝදාංශයක් විදිහට මම කරනවා. තව වෙඩිං ෆොටෝග්‍රැෆිත් කරනවා. ඒත් ඉතින් වැඩි වශයෙන් කරන්නේ Model Photography තමයි.

කොහොමද මේ වැඩ කටයුතු කරන්න. 
මෙහෙමයි... මම තනියම තමයි සියලු වැඩකටයුතු කරන්නේ.  මොඩල් ෆොටෝග්‍රැෆි වලදී තීම් එක තීරණය කැන තැන සිටම අවසානයේ ඡායාරූප ටික එඩිට් කරලා පබ්ලිෂ් කරන තැනට එනකම්ම හැමදෙයක්ම කරන්නේ මම. 

ඡායාරූප ශිල්පියෙක් ලෙස අර්ථ දැක්වීමට යම් පුද්ගලයකුට තිබිය යුතු සුදුසුකම් මොනවද?
හොඳ හැදෑරීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒවගේම කලාත්මක සහ නිර්මාණාත්මක ඇසක් තියෙන්න ඕන වගේම ප්‍රවීණයන් ගැන අධ්‍යයනය කරලා තියෙන්නත් ඕනි. තවත් වැදගත්ම දෙයක් තමයි අත්දැකීම්වලින් පරිණත වෙන්න ඕනි. ඒ වගේම කාලෙන් කාලෙට වෙනස් වෙන ඡායාරූපණ කරණයේ නව සොයා ගැනීම් ගැන දැනුම්වත් විය යුතුමයි. 

අද කාලේ හොද කැමරාවක් ගන්න ගොඩක් දෙනක් කිසිම දැනුමක් නැතුව මේ ඡායාරූප ක්ෂේත්‍රයට පිවිසීම ගැන මොකද හිතෙන්න.
ඡායාරුපකරණයට මූලික දැනුම අත්‍යවශ්‍යයි. ඒ වගේම හොඳ කැමරාවක් තියෙන්නත් ඕන. මේ දෙකම තියෙනවා නම් ඡායාරුපකරණය කරන්න පුළුවන්. කැමරාවක් ගත්ත පමණින් ඔහු ඡායාරුප ශිල්පියෙක් කියලා හිතන එක නම් වැරදියි. අද වන විට එහෙම හිතන අය ගොඩක් ඉන්නවා. 

මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න උදව් කළේ කවුද?
ප්‍රවිණ ඡායාරුප ශිල්පීන්ගෙන් මග පෙන්වීම ලැබිලා තියෙනවා. ඒ වගේම රටේ ජනප්‍රිය තරු මම ක්ෂේත්‍රයට එන කාලේ මට සහයෝගය දීලා තියෙනවා. ඒ හැමෝටම ස්තුති කරන්න ඕන. ඒ වගේම ගෙදරින් ලැබුණ සහයෝගය ගොඩක් වටිනවා. 
ඒකනම් අමතක කරන්න බැහැ. හැම දෙයක්ම කරන්නේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි.  ඒවගේම මට උදව් උපකාර කළ අය ගොඩක් දෙනෙක් ඉන්නවා. මේ වෙලාවේ නම් වශයෙන් කියන්න බැහැ. මොකද නම් වශයෙන් කියලා එක් අයෙක්ගේ හරි නමක් මට අමතකවීමකින් කියන්න බැරි වුණොත් ඒ කෙනාට ලොකු දුකක් ඇති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඒ හැම කෙනා ගැනම මගේ හිතේ තියෙනවා. 

නිරුපිකාවන්ගේ එහෙම ඡායාරුප ගද්දි හොඳ හොඳ වැඩ වෙලා තියෙනවා කියලා ආරංචියි?
විශේෂයෙන්ම ආධුනික නිරුපිකාවන් එක්ක වැඩ කරද්දී හොඳ හොඳ දේවල් වෙලා තියෙනවා. ඒ එයාලා අලුත් නිසා. මතක සටහන් විදියට ඉතුරු වෙන්නෙත් ඕවා තමයිනේ.  ඒ වගේම දෙයක් කියන්න ඕන මොඩල් නිරූපණ ඡායාරූප පෙළකට යොමු වෙන්න අදහස් කරන් ඉන්න නිරූපණ ශිල්පිනියන් ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් කරලා එනවා නම් තමයි ගොඩක් හොඳ.

ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමක් නොමැති අය ක්ෂේත්‍රයට පිවිසීම තුළින් අනෙකුත් ඡායාරුප ශිල්පීනුත් හෑල්ලුවට ලක්වෙනවා කියලා හිතනවාද?
නුසුදුසු අය ඕනම ක්ෂේත්‍රයකට පිවිසුණාට පස්සේ ඕනෑම ක්ෂේත්‍රයක් එහෙම වෙනවා තමයි. ඒ කොහොම වුණත් ඉතින් ඡායාරුප ශිල්පින් නම් දැන් වැඩි තමයි.

ඔබ වෘත්තියමය ඡායාරුප ශිල්පියෙක් හැටියටද ඡායාරුපකරණයේ යෙදෙන්නේ? 
ඔව්. ඊට අමතරව මම දැනට The Elegance එකේ Official Photographer හැටියටත් වැඩ කරගෙන යනවා. ඊට අමතුව G3 ප්‍රඩක්ෂන් එකේ  නිල ඡායාරූපශිල්පියා ලෙස වැඩ කරනවා වගේම විවිධ අවස්ථාවන් ආවරණය කිරීමත් සිදු කරනවා.  ඒ වගේම මේ වන විට මම මියුසික් වීඩියෝ කැමරාකරණය පැත්තටත් යොමු වෙලා ඉන්නවා.  ඒ වගේම Sky View Aerial Cinematography ආයතනයේ ඩිජිටල් මාකටින් මැනේජ්ර් සහ නිල ඡායාරූප ශිල්පියා විදිහටත් මම කටයුතු කරනවා. 

ලංකාවේ ඕනෑම තැනක ඔබ ඡායාරූපකරණයේ යෙදෙනවද?
ඔව්. Location එක ලස්සනයි නම් ලංකාවේ ඕනම තැනකට ගිහිල්ලා Shoot කරනවා.

මංගල ඡායාරුපකරණයේදී මොනවගේ උපක්‍රමද  අනුගමනය කරන්නේ?
විවාහ මංගල්‍ය උත්සවයක් කියන්නේ ජිවිතයේ වැදගත්ම අවස්තාවක්. වෙනස් විදියකට, අලුත් කාලෙට ගැලපෙන විදියට ඔවුන්ගේ සිහින ඇල්බමය අලංකාරව නිර්මාණය කරලා දීම තමයි මගේ එකම බලාපොරොත්තුව.

මොනවද ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. 
මටම ආවේනික මගේම ශෛලියක් අලුතින් නිර්මාණය කර එය හඳුන්වාදීම තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම ඡායාරූපකරණයේ අලුත් අලුත් පැති සොයා යන්නත් අදහසක් තියෙනවා. 

මේ දවස්වල අලුත් වැඩකට අතතියලා නේද?
ඔව්... ඡායාරූපකරණයෙන් ඔබ්බට ගිහින් දැන් මම මියුසික් වීඩියෝ පැත්තටත් යොමු වෙලා තියෙනවා. මම කැමරාකරණය කරන ලද පළමු මියුසික් වීඩියෝව පසුගිය දා නිකුත් වුණා. සුරාජ් ප්‍රේස්ලිගේ ආලවන්තිය කියන ගීතයේ විඩියෝ අධ්‍යක්ෂණය සහ DOP කළේ මම. එම ගීතය පහළින් නරඹන්න. 


















The Story about photographer Hashan Pannila The Story about photographer Hashan Pannila Reviewed by Sirasa Gossip on 12:26 PM Rating: 5

No comments:

Powered by Blogger.